අනුර ඇතුළු 26කට එරෙහිව තහනම් නියෝගයක්


ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු‍ පිරිසකට අද පස්වරු 1 සිට රාත්‍රී 8 දක්වා ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය, ගාලු මුවදොර ඇතුළු කොළඹ ප්‍ර දේශ රැසකට ඇතුළුවීම වළක්වමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ කොටුව කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය පොලීසි අධිකරණයෙන් කළ ඉල්ලීමක් පිළිබඳව අවධානය යොමුකරමිනි. ජාතික ජනබලවේගය අද පස්වරුවේ කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාව හේතුවෙන් මහජනතාවට ඇතිවිය හැකි පීඩාව සැලකිල්ලට ගෙන මෙම අධිකරණ නියෝගය නිකුත් කර තිබේ.

අනුර කුමාර,ටිල්වින් සිල්වා, ලාල් කාන්ත, සුනිල් හ ඳුන්නෙත්ති, විජිත හේරත් ඇතුළු දේශපාලඥයින් හා වෘත්තීය සමිති නි‍ියෝජිතයන් ඇතුළු 26 දෙනෙකුට එරෙහිව මෙම තහනම් නියෝගය නිකුත් කර තිබේ.



Recommended Articles