අනුමැතියකින් තොරව ලක්ෂ 257ක විශේෂ හා පැමිණීමේ දීමනා ගෙවලා


අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් සදහා  ඉකුත් වර්ෂය තුලදි (2024) විශේෂ දිමනා සහ පැමිණිමේ දිමනා ලෙස   රුපියල් දෙකෝටිපනස්හත්ලක්ෂ,පනස්පන්දහස් අටසියහතලිස් හතක මුදලක් (25,755,847) ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.

 එම වර්ෂය තුල අධ්‍යක්ෂක මණ්ඩල වාර්තාව සකස්කිරිමේ  දිමනාව ලෙස  සංවර්ධන නිලධාරිණියකට  රුපියල් හැත්තැපන්දහසක  (75000) දිමනාවක් ගෙවා තිබුණි. ගැලපුම් දිමනාවක්  ලෙස . විධායක නිලධාරිවරයාට  රුපියල් දාහතරලක්ෂ,තිස්දෙදහස් දෙසියක (1,432,200) මුදලක් ගෙවා තිබුණි.

 ජාතික ඖෂධ නියාමන අධිකාරිය සදහා බදවාගත් නිලධාරින් රදවා ගැනිම සදහා  මෙම දිමනා ගෙවා ඇති බව ඖෂධ නියාමන අධිකාරිය විගණනයට සදහන් කොට ඇත. විශේෂ හා පැමිණිමේ දිමනා වෙනුවෙන්  අනුමැතිය ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යංශය  මගින් මහා භාණ්ඩාගාරය වෙත ලිපියක් ඉදිරිපත් කොට ඇති බවද අධිකාරිය විසින් විගණනයට සදහන් කොට ඇත.

චන්දන සමරවික්‍රම



Recommended Articles