මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බූ ඔය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කළ, අංක 304, 4 වන පටුමග, වෙහෙර තැන්න, බෝගස්වැව ලිපිනයේ පදිංචිව සිටි කරුණා පේඩිගේ සංජීව සුදේශ් කරුණාරත්න නැමැති 39 අවිවාහක යුධ හමුදා සෙබළෙකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේ ගොඩනැගිලි අමුද්‍රව්‍ය අලෙවිසැලක (හාඩ්වෙයාර් ) සේවය කල, මරණකරුගේ නිවස ආසන්නයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු එදින මත්පැන් පානය කිරීමෙන් අනතුරුව සැකකරුගේ නිවසට පැමිණ සැකකරුගේ බිරිඳ සමග ආරවුලක් ඇති කර ගෙන ඇති බවද පොලිසිය කියයි.
ගෙල පෙදෙසේ සිට පපු පෙදෙස දක්වා කැපුම් තුවාල සිදු කිරීමෙන් අනතුරුව සැකකරු විසින් මාර්ගයේ සිට මීටර් විස්සක් පමණ කැලයට මරණකරු ඇද ගෙන ගොස් ඇති බව මුලික විමර්ශන වලදී අනාවරණය වූ බව පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක් වූ යුද හමුදා සෙබලා මීට මාස දෙකකට පමණ පෙර බීමත්ව යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සිදු වූ අනතුරකින් ආබාධිත තත්ත්වයට පත්ව, අත් වාරුවක ආධාරයෙන් ගමන් කල අයෙකු බවත්, එම යතුරු පැදි අනතුරින් ඔහුගේ බාල සොයුරා ජීවිතක්ෂයට පත්වූ බවද පොලිසිය වැඩි දුරටත් සදහන් කලේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පදවිය පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක විජය කුමාරසිරි මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන සිදු කරති.

