අනාගතය සමග සෙල්ලම් කරන්න එපා


ශ්‍රී ලංකාවට ගොඩ ඒම වෙනුවෙන් ඇත්තේ අයි.එම්.එෆ්. ඉනිමග බවත් ඊට විකල්ප ඇත්නම් ඉදිරිපත් කරන ලෙසත් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය. ව්‍යාපාරිකයන් හා පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

"අවුරුද්දක් තුළ අපි අමාරු තත්වෙක හිටියේ. රටක ආර්ථිකය වැටෙනවා කියන්නේ ආර්ථිකය නැතිවෙන එක. ඉන්ධන තිබුණේ නෑ, විදුලිය තිබුණේ නෑ, බෙහෙත් තිබුණේ නෑ. අපි අමාරුවෙන් අපේ වැඩකරගෙන ගියේ.

එතන ඉදන් අපි යම්කිසි තැනකට ඇවිත් තියෙන්නේ. ඉන්ධන තියෙනවා, පොහොර ලබා දී තිබෙනවා. විදුලි බලය තිබෙනවා. ඉස්සරට වඩා ටිකක් ලේසියෙන් ජීවත් වෙන්න පුළුවන්.

අපි හැමෝටම ප්‍රශ්න තිබෙනවා. උද්ධමනය වැඩියි, පොලිය වැඩියි. ව්‍යාපාර ගෙනි යන්න අමාරුයි.

අපි මූලික ප්‍රශ්න විසඳලා තියෙනවා. රටක් බංකොලොත් වුණාම ජාත්‍යනතර සංවිධානය එතනට එනවා. අයි.එම්.එෆ්. සංවිධානය හැර ලෝකයේ රටවලට ආධාර කරන්න වෙන එක සංවිධානයක් නෑ.

බංකොලොත් වුණ හැම රටක්ම අයි.එම්.එෆ්. එකත් එක්ක කථා කරලා තමයි ගොඩ ගියේ. ග්‍රීසියට අවුරුදු 13ක් ගියා.

මම ජනාධිපති වෙනකොට අවුරුදු 13ක් ඉන්න බලාපොරොත්තුවක් තිබුණේ නෑ. ශ්‍රී ලාංකික ජනතාවට මීට වඩා ශක්තියක් තියෙනවා නැගලා එන්න. වලෙන් ගොඩ එන්න බැරිනම් වලේම හිර වෙනවා. වලෙන් ගොඩ එන්න ඕන කියලා හැම කෙනාම පිළි ගන්නවා.
එක ඉනිමගයි තියෙන්නේ ගොඩ එන්න. ඒ අයි.එම්.එෆ්. එක. වෙන ඉනිමගක් තිබෙනවානම් කරුණාකර කියන්න. වාද කරමු විවාද කරමු හොඳයින් නම් ඒ ඉනිමග එක්ක යමු. 

අයි.එම්.එෆ්. අපිට කරුනු 15ක් කිව්වා. එකක් අපිට ක්‍රියාත්මක කරන්න බැරිවුණා. විදුලි බල මණ්ඩලයේ තිබෙන අලාභය රුපියල් බිලියන 230යි. අලුත් ගිවිසුම අනුව රටේ ආදායම යොදවන්න බෑ වාණිජ සංස්ථාවල අලාභ ගෙවන්න.

ජනතාවගෙන් ගන්න මුදල් ජනතාව වෙනුවෙන් යොදවන්න කිව්වා. ඒ අනුව සිදුවුණා විදුලි ගාස්තු වැඩි කරන්න. අපේ කටයුතු සම්පූර්ණයි. දැන් තියෙන්නේ අයි.එම්.එෆ්. එකට ඉදිරියට යන්න.

චීන ක්‍රමවේදය ගැන තාම එකඟත්වයක් නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වේ එක වේදිකාවක ඉදලා මේ ගැන සාකච්ඡා කරන්න කියලා.තාම එකඟත්වයක් නෑ. ජී.20 මුදල් ඇමතිවරු මුණ ගැහෙනවා. එතනට චීනයත් එනවා. ඒ අයගේ ස්ථාවරය දැනගත්තාම ඒ ස්ථාවරය අනුව විකල්ප දෙක තුනක් අපි හදලා තියෙනවා.

මේක පිළිනොගත්තොත් යළ කන්නෙට පොහොර නෑ. තෙල් නෑ. ලයිට් පැය 12ක් වත් කපන්න වෙනවා. අපේ වැඩ ටික ඉවරයි. 
රටේ මූලික ප්‍රශ්නය ආර්ථිකය. අපිට තියෙන්න තියෙන ඡන්දය ආණ්ඩු මාරු කරන ඡන්දයක් නෙයෙි.ඒකට මමත් සම්බන්ධ වුණේ නෑ. තව කාලෙකින් මේක අරගත්තොත් අපිට පුළුවන් මේක ශක්තිමත් කරන්න.

ඡන්දේ තියෙන දිනය ඒ පක්ෂවලට පුළුවන් උසාවියට ගිහින් බේර ගන්න. උසාවියෙන් මොකක් හරි කියයි. 

සෙල්ලම් කරලා දේශපාලනය කරන්න එපා. අනාගතය එක්ක සෙල්ලම් කරන්න එපා මේ තරුණ තරුණියන්ගේ.  

තමන්ගේ සැලැස්ම කුමක්ද කියලා ප්‍රකාශ කරන්න.මම ලෑස්තියි හොඳ ඒව ක්‍රියාත්මක කරන්න. අන්තිම තීරණය අයි.එම්.එෆ්. එකේ තියෙන්නේ.

යෝජනා දෙන්න අපි අවස්ථාව දෙන්නම් කෙලින්ම වොෂින්ටන් නුවර අයි.එම්.එෆ්. ප්‍රධානීන් සමග සාකච්ඡා කරන්න.
ජවිපේ යෝජනා දෙන්න. සජබේ යෝජනා දෙන්න. මම ලෑස්තියි ඒක කරන්න. මේ යෝජනා අයි.එම්.එෆ්. එකට වඩා හොඳයි කිව්වොත් එක් කියාත්මක කරමු. මෙම මේ වැඩ භාර ගත්තේ කවුරුත් නැති අවස්ථාවක. රට බේර ගන්න ගිහින් බැනුම් අහනවා. ඒක දැනගෙන ආවේ. මේ රට ඉදිරියට ගන්න ඕන."

 

 

 

 



Recommended Articles