වගාව වන සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මරණකරු විසින්ම අදින ලද අනවසර විදුලි රැහැනක ගැටී මෙසේ විදුලි සැර වැදී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. රස්නායකපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මේ අතර කුච්චවේලි පොලිස් වසමේ පල්ලිමුණේ ප්‍රදේශයේදී ඊයේ උදෑසන කාලයේ පිරිමි ළමයෙකුට විදුලි සැර වැදී මියගොස් ඇති බවට කුච්චවේලි පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත. මියගිය ළමයා වයස අවුරුදු 16 ක් වූ කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අසල ඉඩමක අනවසරෙන් අදින ලද විදුලි රැහැනකට හසුවූ තම එළුවෙකු බේරීමට ගිය අවස්ථාවේ ළමයාටද විදුලි සැර වැදී මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත. කුච්චවේලි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

