අනවසර විදුලි රැහැනකට පුද්ගලයෙක් හා ගවයෙක් බිලි


කොස්ලන්ද  කැලිපාණාවල ප්‍රදේශයේ වගා බිමක් තුළ ඇද තිබූ අනවසර විදුලි රැහැන්නක පැටලී අද (09)  පුද්ගලයෙකු සහ මී ගවයකු ජීවිතක්ෂයට පත් වී ඇති බව කොස්ලන්ද පොලීසිය. 
 
මෙසේ  ජීවිතක් සියයට පත් වී ඇත්තේ පැල්පොළ ලොකු ලියනගේ ප්‍රේමදාස නමැති හැට දෙක හැවිරිදි පුද්ගලයෙකි.

 වන සතුන්ගෙන් කුඹුර ආරක්ෂා කර ගැනීම සඳහා මෙසේ අනවසර විදුලි රැහැන්  ඇද තිබූ බවත් මීට සම්බන්ධව සැකපිට පුද්ගලයකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් පොලිසිය පැවසීය.

 කොස්ලන්ද පොලිසිය පරීක්ෂණ පවත්වයි. 



Recommended Articles