අනතුරු 6කින් 6ක් මරුට


දිවයිනේ ස්ථාන කිහිපයක අද (28දා) හා ඊයේ (27දා) සිදුවූ රිය අනතුරු කිහිපයක් පුද්ගලයන් 6ක් ජීවිතක්ෂයට පත්ව ඇත.

පමුණුගම - ත්‍රිරෝද රථයක් හා ස්කැමල් රථයක් ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් අවුරුදු 17ක් වන පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මහබාගේ - ලොරි රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 59ක් වන පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

කැළණිය - බස් රථයක් හා පා පැදියක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පා පැදියේ ගමන් කළ 70ක් වන පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

හෝමාගම - පුද්ගලික බස් රථයක පදිකයෙක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 70ක් වූ පදිකයා ජීවිතක්ෂයට පත්ව ඇත.

පිටිගල - යතුරුපැදියක වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට විසිවීමෙන් සිදුවූ අනතුරකින් අවුරුදු 26ක් වන තරුණයෙක් මියගොස් ඇත.

සේරු නුවර - ට්‍රැක්ටර් රථයක ටේලරයක් ගැලවී යාමෙන් සිදුවූ අනතුරනික් 17ක් තුවාල ලබා අවුරුදු 64ක් වන කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇත.



Recommended Articles