හලාවත - එළිවිටිය ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ට්‍රැක්ටර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පසුව ප්‍රදේශවාසින් විසින් එම ට්‍රැක්ටර් රථයට ගිනි තබා ඇත.
මෙසේ ට්‍රැක්ටර් රථයට ගිනි තබන අවස්ථාවේදී ඒ අසළ පොලිස් නිලධාරීන්ද සිටින ඇයුරු දැකගත හැකි විය.
අද පෙරවරු 9.00 ට පමණ මෙම අනතුර සිදුවී තිබුණි. අනතුරින් මිය ගොස් ඇත්තේ එළිවිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි තරිදු නම්වූ වයස අවුරු 17 ක් වන තරුණයෙකි.
අනතුරින් තුවාල ලබා සිටි තරුණායව හලාවත මහා රෝහලට ගෙන යන අතර තුර මිය ගොස් ඇත.
අනතුරින් පසුව එම ස්ථානයට එක්වූ ගම්වාසීන් විසින් ට්‍රැක්ටරයට ගිනි තැබීමට කටයුතු කර ඇත. ට්‍රැක්ටරයේ රියදුරු අනතුරින් පසුව පළා ගොස් ඇත.
ජුඩ් සමන්ත

