අධිවේගයේ මුදල් ගෙවීම ඩිජිටල්කරණයට


අධිවේගී මාර්ගවල ගාස්තු අය කිරීම ඩිජිටල්කරණය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අධිවේගී මාර්ගවල අතින් ගාස්තු ගෙවීම එකතු කිරීමේ දොරටු සඳහා ද LANKAQR හඳුන්වා දෙනු ඇත.

සිය ජංගම දුරකතනයේ අදාළ මුදල් සටහන් කර ඕනෑම බැංකුවක LANKAQR සක්‍රීය ජංගම ගෙවීම් යෙදුමක් හරහා ගාස්තු අය කිරීමේ ගේට්ටුවේ ඇති QR කේතය පරිලෝකනය කිරීමෙන් තත්පර 8-10 ත් අතර කාලයක් තුළ අදාළ ගෙවීම් සිදු කිරීමට රියැදුරන්ට හැකියාව ලැබෙනු ඇත.



Recommended Articles