අධිභාරයට පෙර වාහන 4000ක නයවර ලිපි නිකුත්වුනේ කොහොමද ?


ආනයනික වාහන සඳහා රේගු ආනයන තීරු බදු මත 50%ක අධිභාරයක් පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනයට පෙර වාහන ආනයන සඳහා ණයවර ලිපි (LC) 4,000ක් විවෘත වූයේ කෙසේදැයි හිටපු බස්නාහිර පලාත් සභා මන්ත්‍රී (සමගි ජනබලවේගය) නිරෝෂන් පාදුක්ක විමසයි.

පසුගිය 15 වැනිදා ඊට අදාල ගැසට් නිවේදනය ජනපති අනුර තුමාර දිසානායක විසින් නිකුත් කිරීමට පෙර, රටේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු විසින් එය කලින් දැනගෙන පැරණි බදු අනුපාතය යටතේ එක් අයකු විසින් වාහන 3500ක් ද අනෙක් පාර්ශවය විසිනි වාහන 500ක් ද ඇනවුම් කොට ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles