අධිබල විදුලි රැහැනක් කඩා වැටිමෙන් දෙදෙනෙකු මියයයි


මහවෙල පොලිස් වසමේ මඩඋල්පත හතමුණගාල ප‍්‍රදේශයේ දී අධිබල විදුලි රැහැනක් කඩාවැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු විදුලි සැර වැදී මිය ගොස් තිබේ.

නවතා තිබූ ලොරියක් මතට මෙම අධිබල විදුලි රැහැන කඩා වැටී තිබේ.

ඒ වනවිට පුද්ගලයින් තුන්දෙනෙකු ලොරියේ සිට ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු ඉවතට පැන දිවි බේරාගෙන තිබේ.

ඔවුන්ගෙන් එක් අයෙකු 23 වන වියේද අනෙක් පුද්ගලයා 27 වන වියේ ද පසුවිය.

 



Recommended Articles