අධිකවේගයෙන් ධාවනය වූ ත්‍රී රෝද රථයක් ඩෙවෝන් ඇළට පෙරළෙයි


දිඹුල පතන ප්‍රදේශයේ සිට හැටන් දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇළට පෙරලීමෙන් එම ත්‍රීරෝද රථයේ රියදුරා තුවාල ලබා ඇති බව දිඹුලපතන පොලිසිය පැවසීය.

(27) දින පස්වරු 1:00 ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේදීය.

අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයේ ඉදිරිපස රෝදයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් ත්‍රීරෝද රථය ප්‍රධාන මාර්ගය හරහා පෙරලී ගොස් ඩෙවෝන් ඇළට පෙරලී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන දිඹුල පතන පොලිසිය කියා සිටියේ. අනතුරින් ත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි තිබේ

 



Recommended Articles