අධිකරණය මගහරමින් සිටි සැකකරුවකු වසර 06කට පසු අත්අඩංගුවට


වසර හයක් තිස්සේ  අධිකරණය මග හරිමින් සිටි සැකකරුවකු අද (08) පස්වරුවේ දි අකුරැස්ස ප්‍රදේශයේ දි  අත්අඩංගුවට ගත්බැව් හිනිදුම පොලිසිය පවසයි.

 අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදිවියේ පසුවන  සිව්දරුපියෙකි. වෙළදසැලක් බිද  මුදල් හා දේපල සොරකම් කිරිම සම්බන්ද නඩුවකට සැකකරුට  එරෙහිව උඩුගම අධිකරණය මගින් 2014.10.30 වැනිදින වරෙන්තු නිකුත්කොට තිබුණි.

 සැකකාර පුද්ගලයා  පොලිසිය කට්ටපනිමින් වදුරඹ හා මාතර යන ප්‍රදේශවල පදිංචිව සිටි ඇති   බව පොලිස් පරික්ෂණවලදි අනාවරණය ව ඇත. සැකකරු එදිනෙදාකුලිවැඩකරණ අයෙකි. පොලිසියේ කොට්ඨාශ බුද්ධි අංශයේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.



Recommended Articles