අධිකරණ අමාත්‍යාංශයේ මහජන දිනය On Line ක්‍රමයට


කොවිඩ් 19 වෛරස තත්වය හේතුවෙන් මහ ජනතාවට අධිකරණ අමාත්‍යාංශයට පැමිණිමට ඇති අපහසුතාවය පිළිබදව සළකා බලා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් සදුදා දිනයේ පැවැත්වෙන මහජන දිනය On Line ක්‍රමයට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

අධිකරණ අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය වන www.MOJ.GOV.Lk වෙත පිවිස , ලියාපදිංචි වි පවතින ගැටලු ඉදිරිපත් කළ යුතු වෙයි.

සදුදා දිනයේ පැවැත්වෙන මහජන දිනයට අදාළව අමාත්‍යතුමාට ඉදිරිපත් කිරීමට ඇති ගැටලු ඉරිදා දින පස්වරු 6 වන විට ඉදිරිපත් කළ යුතු බව අමාත්‍යාංශය දන්වා සිටියි.



Recommended Articles