අධික වේගය තරුණයා හා ‌තරුණිය රෝහලට ගෙන යයි


හැටන් සිට කොටගල දක්වා අධික වෙගයෙන් ධාවන වු යතුරු පැදියක් ලිස්සා ගොස් සැතපුම් කණුවක ගැටි අනතුරට පත්විමෙන් එම යතුරු පැදියේ ගමන් ගත් තරුණයෙකු සහ තරුණියක් තුවාල ලබා දික්ඔය මුලික රොහල වෙත ඇතුලත් කල බව හැටන් පොලිසිය පැවසිය.

(26) දින පස්වරු 4 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ හැටන් ස්ටැඩන් වත්ත ප්‍රදේශයේදිය.

අධික වේගයෙන් ධාවන කර ඇත් යතුරුපැදිය ලිස්සා ගොස් මාර්ගය අභියස තිබු සැතපුම් කණුවේ ගැටි මෙම අනතුර සිදු වි ඇති බවත් අනතුරින් යතුරුපැදියට දැඩි අලාභ හානි සිදු වි ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය පැවිසිය.



Recommended Articles