අධික වර්ෂාව හේතුවෙන් හානි වූ ගොවිබිම් ගැන සමීක්ෂණයක්


අධික වර්ෂාව හේතුවෙන් හානි වූ ගොවිබිම් පිළිබඳ දීපව්‍යාප්ත සමීක්ෂණයක් ආරම්භ කර ඇතැයි කෘෂිකර්මය අමාත්‍යාංශ පවසයි.

හානි වූ වගාවන්ට යළි කාබනික පොහොර ලබා දීම ඇතුළු කරුණු මුල් ගනිමින් මෙම සමීක්ෂණය සිදූ කරන බව එහි ලේකම් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ මහතා සඳහන් කර සිටියි.

දැනට ලැබී ඇති තොරතුරු අනුව අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්වල ගොවිබිම්වලට අධික වර්ෂාවෙන් දැඩි බලපැම් එල්ලවී ඇතැයි ඔහු සඳහන් කර සිටියි.



Recommended Articles