අධික වර්ෂාව නිසා ගැටළුවලට මුහුණ දෙන ජනතාවට සහන සැලසීමට අගමැති උපදෙස්


රට තුළ පවතින අධික වර්ෂා සහගත තත්ත්වය හේතුවෙන් ජනතාව මුහුණ දෙන ගැටළුවලට සහන සැලසීමට වහා ක්‍රියාත්මක වන්නැයි, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, අමාත්‍යංශ ලේකම්වරයා වෙත උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව ආපදා තත්ත්වයක් සඳහා පූර්ව සූදානම් ඇතිකරගෙන, ජනතාවට අවශ්‍ය සහන සැලසීමට කටයුතු කරන්නැයි, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා, දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ලේකම්වරුන් වෙත අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇත.



Recommended Articles