අධි බල යතුරුපැදි 04ක් සමග සැකකරුවන් 4ක් අල්ලයි


නිකවැරටිය පොලිස් වසමේ නිකවැරටිය නගරයේදී ඊයේ රාත්‍රී නිකවැරටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අධික වේගයෙන් හා විවිධ ශබ්ද සයිලන්සර් සවි කර අධිධාරිතා යතුරුපැදි 04ක් ධාවනය කරමින් සිටි යතුරුපැදිකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.  

සැකකරුවන් අවුරුදු 18, 19, 20 හා 22 වයස්වල පසුවන නිකවැරටිය, විතිකුලිය, කොබෙයිගනේ හා තුත්තිරිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

මෙම යතුරුපැදි සියල්ල ව්‍යාජ අංක තහඩු සවි කර ධාවනය කර ඇති බවට සිදු කරන ලද විමර්ශණයේදී අනාවරණය වී ඇත. නිකවැරටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



Recommended Articles