අධ්‍යාපනයේ ඇත්ත තත්ත්වය ඇමති හෙළි කරයි


“2020-21 කොවිඩ් 19 කාලයේ  පළමුවැනි සහ දෙවැනි ශ්‍රේණිවල තුනවැනි ශ්‍රේණියට ආවම  එම සිසුන් දසදහක නියැදි අරන් කළ සමීපක්ෂණයකදී  ඔවුන්ගේ අකුරු විඥාණය සහා ශාක්ෂර තාවය   15%ත්  14 %  ක තත්වයක පැවැතියා.

එයට හේතුව කොවිඩ් 19 නිසා පාසැල් වස තැබීම පමණක්ද ? එහෙනම් පහේ ශිෂ්‍යත්ව  සාමාන්‍ය පෙළ හා උසස්පෙළ  පෙල ප්‍රථිපලත් අඩුවන්න තිබුණා .එය එසේ වුනේ නැහැ.

ප්‍රාථමික පන්තිවල ඉගැන්වීම කටයුතු කළේ නුපුහුනු ගුරුවරුවීමද හේතුවක්වුණා. ඒ නිසා යුනිෂෙෆ් සංවිධානයත් එක්ක එකතුවෙලා ප්‍රථාපලදායී වැඩසටහනක් කරනවා.”යැයි අධ්‍යාපන ඇමති සුනිල් ප්‍රේමජයන්ත මහතා නොබෝදා බදුල්ලේදී පැවසීය

අධ්‍යාපන ඇමතිතුමා එහිදී මෙසේද පැවසීය.

බදුල්ල දිස්ත්‍රික්යේ අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබදව  මෙම සාකච්චාව  බදුල්ල පුරහලේදී පැවැත්විණ

“අධ්‍යාපන පරිපාලන සේවයේ අවුරුදු 4 ක් තිස්සේ පුරප්පාඩු 900 ක් තියෙනවා.  පසුගිය  කාලයේ විශ්‍රාමගිය අයනිසා තවත් 200 කින් විතර මේ ප්‍රමාණය වැඩිවුණා.

විද්‍යාපීඨ 19 ක සාමාන්‍යයෙන්  1600 ක් පමණ ඉන්න ඕන. දැන් ඉන්නේ 866 යි .

විදුහල්පති සේවයේ 16000  දහසය දහසක් ක් ඉන්න ඕන. දැන් ඉන්නේ නමදහසකට ටිකක් අඩුවෙන් .

විදුහල්පතිවරු බදවා ගන්න අවසන් ගැසට් එක නිකුත් කළේ 2018  විභාගය තිබ්බේ 2019 පෙබරවාරි මාසයේ. 

එයින් පිරිසකට පත්වීම් දුන්නම තවත් කණ්ඩායම් 3 ක් අධිකරණයට ගිහින් තහනම් නියෝගයක් ගත්තා.අවුරුදු තුනහමාරක් තිස්සේ තහනම් නියෝගය තියෙනවා. ඒ නිසා විභාග තියන්නත් බැහැ. සම්මුඛ පරීක්ෂණ පවත්වන්නත් බැහැ. පත්වීම් දෙන්නත්  බැහැ .

2022 දෙසැම්බර් 12 මේපාර්ශව ශ්‍රේෂ්ඨාධි කරණයේදී සමථයකට පත්කර ගත්තා. ඊට පස්සේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය අරන් ඔක්කොම කරල සමථයට අනුව හත්දාහක් සම්මුඛ පරීක්ෂණයට කැඳවලා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ එකගතාවය අනුව ඇමති මණ්ඩල අනුමැතිය ඇතිව  පත්විම් දෙන්න යනකොට තව් එක පෙත්සම් කරුවෙක් ගිහින් පෙත්සමක් දාලා ආපසු තහනම් නියෝගයක් ගත්තා.

පෙත්සම්කරු  විභාගයට පෙනී සිටින්න මූලික සුදුසුකමවත් නැති කෙනෙක්. විභාගයට පෙනී සිටින්න ගුරු සේවයේ අවුරුදු 5 ක් ඉන්න ඕන. එයාට විභාගයට පෙනි සිටින්න අවස්ථාව තියෙන්නේ  අවුරුදු තුනයි මාස 11 කට පස්සේ. දැන් අපි මාස 2ක් තිස්සේ උසාවියේ.

මේකෙ ප්‍රථපලය 4718  කගේ විදුහල්පති ශ්‍රේණි නැවතිලා.

ගුරුහිගයට පිළියමක් ලෙස 26000 ක් උපාධි ධාරින් ඳවාගන්න මාර්තු 25 විභාගය තියන්න තිබුණා.52000 ක් අයදුම් පත් ආවා .

පත්වීම දෙන්න දවස් තුනකට කලින් ගිහින් පෙත්සම් ගහලා ඒකත් වැලැක්වුවා. ඉඩම් නඩුවක් වගේ  මේ ප්‍රශ්නය ඇදගෙන යන්න බැහැ. අපි උත්සාහ කරන්නේ මේවා කඩිනමින් අවසන් කරන්න”



Recommended Articles