අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ජනවාරි සිට - කාල පරිච්ඡේද 8 සිට 7ට අඩුවෙයි


2026 ජනවාරි 01 වැනිදා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරන්න සැලසුම් කර තිබෙන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලෙකම් නාලක කලුවැව මහතා පැවසීය.

ඒ අනුව එක් කාල පරිච්ඡේදයක් විනාඩි 50ක් වන බවත්, ඒ අනුව දැනට තිබෙන කාල පරිච්ඡේද 8 සිට 7 දක්වා අඩු වන බවත් ඔහු සඳහන් කළේය.

“2026 ජනවාරි 01 වැනිදා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව අපි මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ආරම්භ කරන්නේ 01 සහ 06 ශ්‍රේණි වලින්. මේ ක්‍රියාවලිය හඳුන්වාදීමත් සමගම පාසලක කාල පරිච්ඡේදයක කාලය විනඩි 50ක් බවට පත්වෙනවා. ඒ අනුව දැනට කාල පරිච්ඡේද 08ක් තියෙන එක 07ක් බවට පත්වෙනවා. ”



Recommended Articles