බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල මෙන්ම මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර හා සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
උතුරු-මැද පළාතෙත් මන්නාරම හා ම්බන්හතාට දිස්ත්‍රික්කවලත වැසි වාර කිහිපයක් ඇතිවිය හැක. මධ්‍යම කඳුකරහේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද හා වයඹ පළාත්වලත් හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ක පමණ තද සුළං ඇතිවිය හැකි යැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.