අදත් ප්‍රදේශ කිහිපයකටම වැසි


සබරගමුව, මධ්‍යම,ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් බස්නාහිර, ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.



Recommended Articles