අදත් ප්‍රදේශ කිහිපයකට වැසි


බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය,  ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (16) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින්විට පැ.කි.මී. 40ත් 50ත් පමණ දක්වා වැඩිවේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.



Recommended Articles