අදත් ප්‍රදේශ කිහිපයකට වැසි


දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපර භාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු සහ නැගෙනහිර පළාත්වලත් දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේ දීත් තැනින් තැන වැසි ඇති වේ.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං හා අකුණුද ඇති වේ.

 



Recommended Articles