අදත් පළාත් 7කට වැසි


බස්නාහිර, සබරගමුව හා මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වල පස්වරු 1.00න පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඇතැම් ප්‍ර දේශවලට මිලි මීටර 50ට වැඩි තරමක තද වැසිද ඇතිවන බව එම දෙපාර්තමේන්තුව පවසයි.



Recommended Articles