අද හා හෙට සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙදුන්ට විවෘතයි


අද (03දා) සහ හෙට (04දා) යන දෙදින තුළ දිවයිනෙහි සියලු ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළෙඳුන්  සඳහා විවෘත කර තැබීමට වෙළඳ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.

ඒ අනුව අදාළ නිෂ්පාදිත මිල ගනන් අඩු කර වෙළදුන්ට සපයන ලෙස විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ආර්ථික මධ්‍යස්ථාන වෙතින් ඉල්ලා ඇතැයි එම අමාත්‍යාංශය පැවසීය.

මීට අමතරව දිවයින පුරා සතොස අලෙවිසැල් ජාලය අද සිට විවෘතව තැබේ. ඒ අනුව 1998 අංකය අමතා සතොස මගින් නිවසටම භාණ්ඩ ගෙන්වා ගත හැකි බව වෙළඳ අමාත්‍යංශය පවසා සිටියේය.

 

 



Recommended Articles