අද හතරක් තෙමෙයි 20ක් වේලෙයි


මේ දිනවල පවතින දැඩි සූර්ය රශ්මිය තවදුරටත් දැඩිව පවතින බවත් දිස්ත්‍රික්ක 4කට පමණක් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්ථමේන්තුව පෙන්වා දෙයි.

වැසි ඇතිවියහැකි දිස්ත්‍රික්ක ලෙස කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර බව දක්වා ඇත. දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක 20හිම ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතී.  එයින්ද දිස්ත්‍රික්ක 12ක  ඇතැම් ස්ථානවල අද (04දා) මිනිස් සිරුරට දැනෙන උණුසුම්  තත්වය අවධානය යොමු කළ යුතු මට්ටමේ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කරයි. පුත්තලම, කුරුනෑගල, ගම්පහ, කොළඹ, හම්බන්තොට  මන්නාරම, අනුරාධපුර,කැගල්ල, කළුතර, රත්නපුර, ගාල්ල, මාතර, දිස්ත්‍රික්වල මෙම තත්වය පැවැතිය හැක.

අද උදෑසන 5.30 න් අවසන්වූ පැය 24 තුල දිවයිනේ වැඩිම උශ්ණත්වය වර්ථා වී ඇත්තේ කුරුනෑගලිනි. එම අගය සෙල්සියස් අංශක 35.8 ක් තරම් ඉහල අගයක් වාර්ථාවී ඇත. අඩුම උෂ්ණත්ව අගය ලෙස සෙල්සියස් අංශක 7.5 ක්  නුවර එළියෙන් වාර්ථාවී ඇත. එසේම ඊයේ දිනයෙදී වැඩිම වර්ෂාපතනය මිලිමීටර් 6.5ක තරම් කුඩා අගයක් ගාල්ල නෙළුව ප්‍රදේශයෙන් වාර්ථා වී ඇත.

ඉන්දූමූර්ති ජයසූරිය



Recommended Articles