අද සිට වැස්ස වැඩිවෙයි


අද දින සිට ඉදිරි දින වල උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව හා නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවිමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමන්තුව කියයි.

ඒ අනුව උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව හා  නැහෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට
වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ඌව හා  නැහෙනහිර පළාත්වල හ පොලොන්නරුව
දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

සෙසු ප්‍රදේශවල ප. ව 1.00 න් පසු තැනින් තැන වැසි හෝ  ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් ඇතැම් ස්ථානවලට මිලිමීටර්  75 පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.



Recommended Articles