අද සිට මනාප අංක ලබා ගැනීමේ හැකියාව


2020 මහමැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය අද (09) රාත‍්‍රියේ නිකුත් කිරීමට නියමිතව ඇ​ත.

එක් - එක් දිස්ත්‍රික්කව​ල අපේක්ෂකයින්ගේ මනාප අංක අද පෙරවරුවේ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත යොමු කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රි​ය සඳහන් කර සිටියේ​ය.

ඒ අනුව දිස්ත්‍රික් ලේකම් කාර්යයාල මගින් අද පෙරවරුවේ සිට එම අංක ලබා ගැනීමට අපේක්ෂකයින්ට හැකි බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.



Recommended Articles