අද සවස් වන තුරු කිසිදු කොරෝනා නව ආසාදිතයෙකු වාර්තා නොවෙයි


අද (15) සවස 6 වන විට කොරෝනා ආසාදිත වු නව රෝගින් වාර්තා නොවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

අද දිනය වන විට කොරෝනා අසාදිත රෝගින් 477 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබේ.

ඒසේම වෛරසය ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන ගණන 439කි.

අද දිනය වන විට ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මුළු ගණන 925කි.

 



Recommended Articles