අද සවස සිට කාලගුණයේ වෙනසක්


දිවයිනට බටහිර දෙසින් පවතින අඩු පීඩන කලාපය ක්‍රමක්‍රමයෙන් ශ්‍රී ලංකා වෙරළ තීරයෙන් ඉවතට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද සවස සිට දිවයිනේ කාලගුණයට එහි බලපෑම අඩුවනු ඇතැයිද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙට හෙට දිනයේදී උතුරු, උතරු - මැද හා නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව අද මධ්‍යාහ්න නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.



Recommended Articles