අද විදුලිය විසන්ධි වෙන වේලාවන් සහ ප්‍රදේශ


බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම නිසා අද (24දා) දිනයේදීත් පැය 4½ ක් කාලයක් විදුලි කප්පාදු කිරීම  සඳහා මහජන උපයෝගිතා කොමිෂම විදුලිබල මණ්ඩලයට අවසරය ලබාදී තිබේ.

මේ අනුව A, B සහ C යන කලාපවලට පැය 4යි විනාඩි 40ක් හා සෙසු කලාපවලට පැය 4යි විනාඩි 30ක්ද, විදුලිය විසන්ධි කිරීම සිදු වේ.

බලාගාර සඳහා ඉන්ධන නොමැති වීම නිසා ඊයේ (23දා) දිනයේ A, B සහ C යන කලාපවලට පැය 4යි විනාඩි 40ක්ද, සෙසු කලාපවලට පැය 4යි විනාඩි 30ක්ද, විදුලිය විසන්ධි කිරීම සිදුවිය.

මේ අනුව පෙරවරු 8.30 සිට රාත්‍රී 10.30 දක්වා A, B සහ C කාණ්ඩවල විදුලි කප්පාදු ක්‍රියාත්මක වූ අතර, එය පෙරවරුවේ පැය 2ක් සහ රාත්‍රියේදී පැය 2යි විනාඩි 40ක් ලෙස ක්‍රියාත්මක විය.

එසේම සෙසු කාණ්ඩවල පෙරවරු 8.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලි කප්පාදු ක්‍රියාත්මක වන අතර, එය පෙරවරුවේ පැය 2ක් සහ රාත්‍රියේදී පැය 2යි විනාඩි 30ක් ලෙස විදුලි කප්පාදුවක් සිදුවිය. විදුලිය කැපීම සිදුවන වේලාවල් හා ප්‍රදේශ දැක්වෙන සවිස්තරාත්මක සටහන සඳහා පහත සබැඳිය වෙත පිවිසෙන්න.

https://www.scribd.com/document/560598833/23-02-2022-Power-Interruption-Schedule

ඉන්දික හේවාවිතාරණ



Recommended Articles