අද රාත්‍රී බොහෝ ප්‍රදේශවලට වැසි


අද රාත්‍රී දිවයිනේ බොහෝ ප්‍ර දේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 36 සදහා වන කාලගුණ විද්‍යා නිවේදනය නිකුත් කරමින් පවසයි.

අද රාත්‍රී: දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 

හෙට :උතුරු , උතුරු-මැද, ඌව, නැනෙනහිර හා මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවේ. බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර  දිස්ත්‍රික්කවලත් ප. ව 1.00න් පමණ පසු තැනින් තන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ප්‍ර දේශවල ඇතැම් ස්ථානවලට මිලි මිටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.



Recommended Articles