අද රටටම ඇඳිරි නීතිය


දිවයිනටම බලැපැවැත්වෙන පරිදි අද (31) දිනය පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක ​වේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් ක​ළේ හෙට (01) සිට 03 වැනි බදාදා දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 10.00 සිට පසුදා අලූයම 04.00 දක්වා පමණක් බවයි.

04 වන බ‍්‍රහස්පතින්දා සහ පොසොන් පොහොය යෙදී ඇති 05 වන සිකුරාදා යන දෙදින තුළ දිවයිනටම ක්‍රියාත්ම​ක වන පරිදි ඇඳිරි නීතිය යළි පැනවෙනු ඇතියි.



Recommended Articles