අද මිලි මීටර් 100ක් දක්වා තද වැසි


අද දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වල සවස් කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, බස්නාහිර හා වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද
එම දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර පළාතෙතත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.



Recommended Articles