අද මි.මී. 75 ඉක්මවා වහින පැති මෙන්න


අද දිනයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනූ  ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, උතුරු-මැද, නැහෙනහිර, මධ්‍යම හා ඌව පළාත්වලත් හම්බන්තොට හා කුරුණෑගල දිස්ත්‍රි්ත්‍රික්ක ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවද එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසිඇතිවන බවද එම දෙපාර්තමේන්තුව කියයි.

බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර හා පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

 



Recommended Articles