අද බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක්


දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි නොමැති කාලගුණ තත්ත්වයක් අද (21) දින පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

කෙසේවෙතත්, ඌව සහ නැගෙනහිර පළාත්වල, ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.



Recommended Articles