අද පෙරවරු 8.30ට ලංකාවේ ඉන්ධන සංචිතය


අද පෙරවරු 8.30 වන විට ලංකා ඛනිජ තෙල් තොග පර්යන්තය සතුව පවතින ඉන්ධන සංචිතය පිළිබඳව අමාත්‍ කාංචන විජේසේකර මහතා සිය ට්විටර් ගිණුම හරහා සටහනක් තබා තිබේ.

ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 18 825ක්, සුපර් ඩිසල් මෙට්‍රික් ටොන් 42, 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 33 498, 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 13067, ජෙට් ඒ ඉන්ධන මෙට්‍රික් ටොන් 386ක තොගයක් පවතී.

මේ අතර ඩීසල් නෞකවක ගොඩබෑමේ කටයුතු ආරම්භ වී ඇති බවත් තෙල් පිරිපහදුවේ කටයුතු නැවත ආරම්භ වී ඇති බවත් අමාත්‍යවරයා පවසයි.  



Recommended Articles