අද ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි


දිවයින හරහා ඊසානදිග මෝසම ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.

දිවයිනට දකුණු දෙසින් පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින අතර මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ දකුණු අර්ධයේ අහස වළාකුලින් බරව පවතින බව​ට එම දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

නැගෙනහිර, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවන අතර මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසිද ඇතිවිය හැකියි.



Recommended Articles