අද දිනයේ නව ආසාදිතයින් දෙදෙනෙක් - මුළු ගණන 937 දක්වා ඉහළට


අද (16) දිනයේ සවස 6.15 පමණ වන විට කොරෝනා වෛරසය අසාදිත වු නව රෝගින් දෙදෙනෙකු වාර්තා වි ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළේය.

ඉන් එක් රෝගියෙකු මියන්කුලම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටින අයෙකි. අනෙක් රෝගියා ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක්වෙමින් සිටින අයෙකි.

ඒ අනුව අද දිනයේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 937 දක්වා ඉහළ ගොස් තිබේ.

408 දෙනෙකු රෝහල් ගතව මේ වන විට ප්‍රතිකාර ගනිමින් සිටියි.



Recommended Articles