අතුරුදහන්ව සිටි 14 හැවිරිදි පාසල් සිසුවා හමුවෙයි


අතුරුදන්ව සිටි රත්නපුර, මලංගම, ආටිගල මාවතේ පදිංචි 14 හැවිරිදි පාසල් සිසුවා අද (01) සවස කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ මාර්ග බාධකයක දී පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

මීට පෙර එම දරුවා සිරිපා වන්දනා කිරීමට වාර්තා වු බවද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ගමන් මල්ලක් ද සහිතව පොලිස් භාරයට ගත් දරුවා පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව පැවසීය.

මෙම පාසල් සිසුවා ඉකුත් 24 වන දා සිට අතුරුදන්ව ඇති බව දෙමාපියන් විසින් පොලීසියට පැමිණිල්ලක් ද කර තිබුණි..



Recommended Articles