අතුරුදන්වු ධිවරයෙකු සොයා නාවික හමුදාවෙන් මෙහෙයුම්


අනතුරට ලක්වූ ඉන්දීය ධීවර යාත්‍රාවක සිට අතුරුදන්වූ ධීවරයෙකු සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහෙයුම් සිදුකරනවා.

මෙරට මුහුදු සීමාවට ඇතුළු වී ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවර යාත්‍රා පළවා හැරීමේ මෙහෙයුමක් නාවික හමුදාව ඊයේ පස්වරුවේ ආරම්භ කළා. එහිදී එක් ඉන්දීය ධීවර යාත්‍රාවක් නාවික හමුදා යාත්‍රාවක ගැටීමට සලස්වා පළායාමට උත්සාහ කිරීමේ දී එම ධීවර යාත්‍රාව පෙරළී තිබෙනවා. එහි සිටි ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු එම මොහොතේම බේරා ගැනීමට නාවික හමුදාවට හැකිවුණා.

අනතුරෙන් අතුරුදන්වූ බව කියන තවත් ධීවරයෙකු සොයා නාවික හමුදාව මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඉන්දීය ධීවර යාත්‍රාව ගැටීමට සැලැස්වීම හේතුවෙන් නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රාවකට ද හානි සිදුවුණා.

එම යාත්‍රාව අලුත්වැඩියාව සදහා කංකසන්තුරය වරායට රැගෙන විත් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඉන්දීය බලධාරීන් දැනුවත් කර ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.

 



Recommended Articles