අතුරුදන් දැරියගේ සිරුර කැලෑවකින් හමුවෙයි


මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍ර දේශයේ, උඩයාර්කට්ටු ප්‍ර දේශයේ පදිංචිව සිටි දැරියකගේ සිරුරක් එම ප්‍ර දේශයේ කැලෑබද ප්‍ර දේශයක තිබී සොයාගත් බව පොලීසිය පවසයි.

අවුරුදු 12ක් වූ දැරිය අතුරුදන්ව පසුගිය 15 දා නිවසේ සිටියදී අතුරුදන්ව තිබුණි. මෙම මරණය සියදිවි නසාගැනීමක්ද එසේත් නොමැතිනම් සහාසික ක්‍රියාවක්ද යන්න පිළිබඳව පොලීසිය පරීක්ෂණ පවත්වයි.



Recommended Articles