අතිරේක දඩ මුදල් නොමැතිව රථ වාහන දඩ ගෙවීමට සහන කාලයක්


ශ්‍රී ලංකා පොලීසිය විසින් මාර්තු මස 01 දින හෝ එම දිනයෙන් පසුව නිකුත් කර ඇති ස්ථානීය රථවහාන දඩ පත්‍රිකා දින 14 ඉක්මවීම සම්බන්ධයෙන් කිසිදු අතිරේක දඩමුදලක් අය නොකර ගෙවීම සඳහා සාමාන්‍ය රාජකාරී වෙනුවෙන් තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කිරිමෙන් පසුව සහන කාලයක් ලබාදීමට ශ්‍රී ලකා තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් පොලිස් දෙපාර්තමේන්තුවේද එකඟතාව අනුව මෙම කටයුතු සම්පාදනය කර තිබේ.



Recommended Articles