අතිකාල දීමනා ඉල්ලා රෝහල් කාර්යාලය වටලයි


අතිකාල දීමනා සහ නිවාඩු දින වැටුප් ලබාදෙන ලෙස ඉල්ලමින් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ සේවක සේවිකාවන් පිරිසක් අද (26දා) රෝහලේ ප්‍රධාන කාර්යාලය වටලා ගැටළුවට වහා විසඳුම් ලබාදෙන ලෙස වෛද්‍ය අධිකාරී ධනපාල රත්නායක මහතාගෙන් ඉල්ලා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ බලධාරීන් සමඟ සාකච්ඡාකොට තීරණයක් දැනුම්දෙන ලෙස සේවක සේවිකාවන් ඉල්ලා සිටි අතර ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළ වෛද්‍ය අධිකාරීවරයා ඉදිරියේදී අතිකාල දීමනා සහ නිවාඩු දින වැටුප් ලබාදීමට එකඟතාවය පලකළ බව සේවක සේවිකාවන්ට දැනුම්දීමෙන් අනතුරුව ඔවුහු විසිර ගියහ.

මොනරාගල සුමනසිරි ගුණතිලක



Recommended Articles