අත්‍යාවශ්‍ය ඖෂධ රැගත් ගුවන්යානයක් චිනයේ සිට දිවයිනට


චීනයේ සිට අත්‍යාවශ්‍ය ඖෂධ ඇතුළු තවත් බොහෝ දෑ රැගෙන භාණ්ඩ ප්‍රවාහන  ගුවන් යානයක් අද (10) දින රාත්‍රී කටුනායක තොටුපළ වෙත පැමිණ තිබේ .

අද  දින රාත්‍රී  6.55 ට චීනයේ ෂැංහයි නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 231 දරන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් යානය තුළ චීන රජය විසින් පරිත්‍යාග කළ අත්‍යාවශ්‍ය ඖෂධ මෙන්ම  වෛද්‍ය උපකරණ ඇතුළු තවත් බොහෝ දෑ තිබෙන බව මෙම ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපළ කළමනාකරු සඳහන් කළේය .



Recommended Articles