අත්‍යාවශ්‍ය ඖෂධ 383න් ඖෂධ 91ක හිඟයක් තිබෙන බවත්, කෙසේ වෙතත් ඖෂධ හිඟ තත්ත්වය පාලනය කර ගත හැකි මට්ටමේ තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.
කඩිනමින් මෙම තත්ත්වය නිවැරදි කර අත්‍යාවශ්‍ය ඖෂද අවම වශයෙන් මාස 03ට හෝ මාස 06ට අවශ්‍ය වන ආකාරයෙන් ගබඩා කර තබා ගැනීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වීරසිංහ මහතා ඊයේ(21දා) පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරැ අපේක්ෂාවෙන් යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරැ ලබා දෙමින් හෙතෙම සඳහන් කළේය.
“ජීවිත ආරක්ෂක බෙහෙත් වර්ග 14ක් තිබෙනවා. ඒ 14 මේ අවස්ථාවේ අපි ලග තියෙනවා. ඒ තියනවා කිව්වාම මාස 06ක හෝ මාස 03ක ගබඩා කරලා නෙවෙයි. දැනට පාවිච්චියට ගන්න පුලුවන් ප්‍රමාණයට තියෙනවා. ඒකෙන් කියවෙන්නේ නෑ සියලු විදියටම , අංග සම්පූර්ණ ලෙස ස්ටොක් තියෙනවා කියලා.
මේ ඉදිරි සති කිහිපය තුළ මේක නිවැරදි කරගන්න හැකියාව ලැබෙයි. ඒ වගේම අත්‍යාවශ්‍ය ඖෂධ (essential medicine) තියෙනවා 383ක්. ඒ 383 මේ වන විට 91ක හිඟයක් තිබෙනවා. ඒත් අපිට තවමත් පාලනය කර ගන්න බැරි තත්ත්වයක නෙවෙයි තියෙන්නේ. ඒක පාලනය කර ගන්න පුලුවන්. නමුත් ඉදිරි සති කිහිපය තුළ බලාපොරොත්තු වෙනවා සම්පූර්ණයෙන්ම නිවැරදි කරලා අංග සම්පූර්ණ ප්‍රමාණය අවම වශයෙන් මාස 03ක හෝ මාස 06ට ගබඩාවල තබා ගන්න. බාධක ගොඩක් තිබෙනවා. ප්‍රශ්න ගොඩක් තිබෙනවා.”