මනම්පිටිය පොලිස් වසමේ කොටලීය පාලම ආසන්නයේ කැලෑබඳ ප්‍රදේශයේ තිබී අත්පා හා මුඛය ගැට ගසා ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් 2025.12.17 වන දින අළුයම් කාලයේ හමුවී ඇති අතර එම අපරාධය සම්බන්ධයෙන් මනම්පිටිය පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 29 ක් වූ දළුකාන, පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු ටිපර් රථ රියදුරෙකු වන අතර 2025.12.17 වන දින සවස් කාලයේ ඔහුගේ බිරිඳ විසින් පොලොන්නරුව පොලිස් ස්ථානයට තම ස්වාමිපුරුෂයා නිවසට නොපැමිණි බවට පැමිණිල්ලක් සිදුකර ඇත. ඒ අනුව ටිපර් රථයේ සවිකර තිබූ ජීපීඑස් තාක්ෂණ පද්ධතිය ඔස්සේ සිදුකළ පරීක්ෂාවේදී මරණකරු ටිපර් රථයට වැලි පටවාගෙන පොලොන්නරුව මනම්පිටිය ප්‍රධාන මාර්ගයේ ගමන් කර ඇති බවට අනාවරණය වී ඇති අතර ටිපර් රථය පොලොන්නරුව පොලිස් වසමේ මෛත්‍රීපාල වටරවුම අසල නවතා දමා තිබියදී හා රියදුරුගේ මෘත ශරීරය මනම්පිටිය පොලිස් වසමේ ඉහත කැලෑබඳ ප්‍රදේශයේ තිබියදී පොලිසිය විසින් සොයා ගෙන ඇත.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු මේ වන විට හඳුනාගෙන ඇති අතර එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මනම්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

