අත්තනගලු ඔය පිටාර ගැලීමේ මට්ටමක


ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කය ඔස්සේ ගලා බසින අත්තනගලු ඔය  (8) සවස  වනවිට ස්ථාන කිහිපයකින් පිටාර ගැලීම මත පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යටවෙමින් පැවති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළේය. 

සවස 5 වනවිට අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාපකයෙහි ජල මට්ටම මීටර් 5 දශම 2 ක් දක්වා ඉහළ ගොස් තිබූ බවත් මෙය සුලු ගංවතුර මට්ටම ඉක්මවා යාමක් බවත් ගම්පහ දිස්ත්‍රික් වාරිමාර්ග ඉංජිනේරු චින්තක සුරවීර මහතා පැවසීය. 

අත්තනගලු ඔයෙහි ජල මට්ටම දූනමලේ  ජල මාපකයයෙහි මීටර් 5 දශම 5 දක්වා ඉහළ යාම මහ ගංවතුර තත්ත්වයක් බවද ඉංජිනේරුවරයා සදහන් කළේය. 

අත්තනගලු ඔය ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ඊයේ සවස  පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යටව තිබිණි.



Recommended Articles