අත්අඩංගුවට ගත් මන්ත්‍රී අර්ච්චුනාට අධිකරණය ලබා දුන් නියෝගය මෙන්න


පොලීසියට භාර වීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා පෙර ඇප මත මුදාහරිණ ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද(24දා) නියෝග කළේය. 

කොටුව පොලිසියේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගොනුකර තිබෙන නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඊයේ අධිකරණය නියෝග කළේය.

ඒ අනුව ඔහු අද පෙරවරුවේ පොලීසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.



Recommended Articles